NSW නව රජය සුලුතර එකක් බව තහවුරු වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සුලුතර රජයක් බව ස්ථිරවම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අද නිකුත් වු නවතම ප්‍රථිඵල අනුව දැක්වෙන්නේ බහුතර රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 47 න් ආසන 02 ක අඩුවක් සහිතව නව ලේබර් පක්ෂ රජයට කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

ලිබරල් සන්ධාන රජයට හිමිවී ඇති ආසන සංඛ්‍යාව 35 ක්.

මේ අනුව ඉදිරි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී ලේබර් පක්ෂ රජයට තරමක් අසීරු විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් ස්වාධීන මන්ත්‍රීවරුන් 09 දෙනෙකු සහ ග්‍රීන්ස් පක්ෂ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු අවශ්‍ය අවස්ථාවලදී නව අගමැති ක්‍රිස් මින්ස් ට සහය දක්වන බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »