අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී කථාමාලාව වන දිමුතු මුතු හි පවා රංගනයෙන් දායකවී ඇති ජ්‍යෙෂ්ඨ කලාශිල්පී අමරසිරි කළංසූරිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 83 හැවිරිදි වියේ පසුවූණා.

1940 සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා මීපලාවල හිදී උපත ලැබූ ඔහු මහනුවර ධර්මරාජ විදුහලේ ආදී ශිෂ්‍යයෙකු වනවා.

සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ හන්තාන කතාව චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තැබූ අමරසිරි කලංසූරිය මෙරට සිනමා කේෂ්ත්‍රයේ දක්ෂ නළුවෙකු ලෙස සිය රංගන කුසලතා පිළිඹිඹු කරනු ලැබුවා.

අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, අපේක්ෂා, සාගරයක් මැද, යස ඉසුරු, සක්විති සුවය, පොඩි විජේ, දොළොස්මහේ පහන ඇතුළු චිත්‍රපට රැසකට අමරසිරි කලංසූරිය සිය රංගන කුසලතාවය එක් කරනු ලැබුවා.

කලක් රෝගාතුරව සිටි අමරසිරි කලංසූරිය මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »