ක්වීන්ස්ලන්ඩ් ජනතාවගේ ජීවත්වීමේ කාලය වසර 10 කින් ඉහළට

වසර 50 කට පෙර පැවති තත්වය හා සළකා බැලීමේදී ක්වීන්ස්ලන්ඩ් ජනතාවගේ ජීවත්වීමේ සාමාන්‍යය කාලය වසර 10 කින් ඉහළගොස් තිබෙනවා.

1971 වසරේදී වසර 70.4 ක් ලෙස පැවති එය 2021 වසරේදී 80.7 ක් දක්වා ඉහළගොස් ඇති බවයි නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා සැසඳීමේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් පිළිකා සඳහා ගොදුරුවීම ඉහළ අගයක පවතින බවද මෙහිදී හෙළිවී තිබෙනවා.

එමෙන්ම බාලවයස්කාර දැරියන් අතර සියදිවි හානිකර ගැනීම්වලට පෙළඹීම ඉතා ඉහළ බවද අනාවරණය වනවා.

එලෙස රෝහල්ගත වන දැරියන්ගේ සංඛ්‍යාව 2009 වසරේ සිට මේ දක්වා 03 ගුණයකින් ඉහළගොස් ඇති බවයි පැවසෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මෙම වාර්තාව අනුව ප්‍රාන්තයේ වැඩිම පිරිසක් මුහුණ දෙන රෝග කාණ්ඩය බවට හඳුනාගෙන ඇත්තේ මානසික රෝග යි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »