ෆෙඩරල් රජයේ කොවිඩ් සහන ප්‍රතිකාර ක්‍රමයට අද සිට වෙනසක්

ෆෙඩරල් රජයේ කොවිඩ් සහන ප්‍රතිකාර ක්‍රමය අද සිට තවත් පුලුල් කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 60 ට වැඩි, අවධානම අඩු පුද්ගලයන්ට පවා අද සිට ෆයිසර් නිෂ්පාදනයක් වන පැක්ස්ලොවිඩ් ප්‍රතිකාරය ලබාගත හැකි වනවා.

මෙතෙක් එය අනුමත කර තිබුණේ ඉහළ අවධානමක් සහිත තැනැත්තන්ට පමණයි.

මේ අතර කොවිඩ් වෛරසය වැළඳීම හමුවේ රැකියා කිරීමට නොහැකිවන ඉදිරිපෙළ සේවකයන් දහස් සංඛ්‍යාත පිරිසකට අද සිට ෆෙඩරල් රජයේ කොවිඩ් සහන දීමනාව නොලැබෙන බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසනවා.

සෞඛ්‍ය සහ ආබාධ රෝගීන්ගේ කටයුතුවල නිරත සේවකයන්ටද මෙය බලපැවැත්වෙන අතර aged care සේවකයන්ට පමණක් එම දීමනාව මින් ඉදිරියේදී ලැබෙනු ඇති.

කොවිඩ් වැළඳීම හමුවේ රැකියා වෙත වාර්තා කිරීමට නොහැකි වන ඉදිරිපෙළ සේවකයන්ට මේ දක්වා මෙම ඩොලර් 750 ක සතිපතා දීමනාව ගෙවනු ලැබුවා.

අද සිට එම ක්‍රමය නතර කෙරෙන අතර ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන නව ක්‍රමයට ඇතුළත් වන්නේ aged care සේවකයන් පමණයි.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »