
ශ්‍රී ලංකාවේ කොස්ගම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙත් මංසල වැඩිහිටි රැකවරණ ව්‍යාපෘතියට ආධාර පිණිස පැවැත්වෙන මනුසත් සැඳෑව ප්‍රසංගය ලබන 29 වනදා පැවැත්වෙනවා.
Wantirna හි Hundarian Community Centre හිදී එදින පස්වරු 07 සිට එය පැවැත්වෙන්නේ ජනප්‍රිය ආරාධිත ශිල්පී රවීන් කණිෂ්ක ගේ සහභාගීත්වය යටතේයි.
ඔස්ට්‍රේලියාව තුළ ලියාපදිංචි ආයතනයක් වන මනුසත් පදනම විසිනුයි මෙත් මංසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මනුසත් පදනම මෙන්ම මෙත් මංසල ව්‍යාපෘතියද, ඔස්ට්‍රේලියාවේ සිටින කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකු වන අමිල වීරසිංහගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වනවා.
කොස්ගම ප්‍රදේශයේ පර්චස් 100 ක භූමි ප්‍රමාණයක ඉදි කෙරෙන මෙත් මංසල ව්‍යාපෘතියේ ඉදි කිරීම් මේ වනවිට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබීම විශෙෂත්වයක්.

පළමු අධියර යටතේ මේ වනවිටත් රුපියල් ලක්ෂ 350 ක මුදලක් වැය කර අවසන්.
පළමු අධියරේ ඉතිරි වැඩ කොටස සම්පූර්ණ කරගැනීම සඳහායි මනුසත් සැඳෑව ප්‍රසංගය සංවිධාන කරනු ලබන්නේ.
මනුසත් සැඳෑව ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර පහතින් මිළදීගත හැකියි.
https://www.auslankatv.com/archives/tickets/manusath-sandawa-2023
මනුසත් සැඳෑව සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV / Ausලංකා Radio විසිනුයි.