මරේ වැලි එන්සෙපලයිටීස් වැළඳී බටහිර ඔස්ට්‍රේලියාවේ දරුවෙකු මරුට

මදුරුවන් මගින් බෝවන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය වැළඳීමෙන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 13 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

2018 වසරෙන් පසු බටහිර ඔස්ට්‍රේලියාවෙන් මෙම වෛරසය වාර්තාවූ 02 වන අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් සමස්ත ඔස්ට්‍රේලියාවම සැළකීමේදී මෙම වසර තුළදී පමණක් මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධිතයන් 08 දෙනෙකු හමුවී තිබෙනවා.

මදුරුවන් මගින් ව්‍යාප්ත වන රෝගයක් වන බැවින් දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවන ලෙසයි සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

https://www.abc.net.au/news/2023-03-31/wa-child-dies-murray-valley-encephalitis/102174688

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »