ජීවන වියදම ඉහළයාම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දන්ත සෞඛ්‍යවේදීන් වෙත යාම සැළකිය යුතු අන්දමින් අඩුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
ඇතැමුන් දින වෙන්කරවා ගැනීම් අවලංගු කිරීමටත් තවත් පිරිසක් දීර්ඝ කාලයකට පසු එළඹෙන දින සඳහා නැවත වෙන් කරවා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව සඳහන්.
කොවිඩ් සමයේදීත් නිසි ලෙස පරීක්ෂාවන් නොකිරීම හමුවේ බොහෝ පිරිසකගේ දන්ත සෞඛ්‍යය අයහපත් මට්ටමක පවතින වාතාවරණයකදී මෙමගින් එය තවත් උග්‍ර වනු ඇති බවද දන්ත විශේෂඥයන් අවධාරණය කරනවා.
2020 වසරේදී සියයට 64 ක් / 2021 වසරේදී සියයට 67 ක් සහ 2022 වසරේදී සියයට 58 ක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දන්ත සෞඛ්‍යවේදීන් වෙත යාම මග හැර ඇති බවයි සමික්ෂණයකදී අනාවරණය වී ඇත්තේ.
ඇතැම් විශ්‍රාමිකයන් වසර 07 කින් පමණ දන්ත වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගෙන නොමැති බවටද වාර්තා පළවනවා.