
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු ඉහළ දැමීම අද සිට බලාත්මක වනවා.
පැවති ලිබරල් සන්ධාන රජය විසින් ඇතිකරගත් එකගතාවයක් අනුවයි ප්‍රධාන මාර්ග 06 ක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක වන්නේ.
- Hills M2
- Lane Cove Tunnel
- Eastern Distributor
- Cross City tunnel
- M5 South-West
- Northconnex
පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂ රජය විසින් ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ නිවු සවුත් වේල්ස් මාර්ග ගාස්තු සතියකට ඩොලර් 60 ක උපරිමයකට යටත් කෙරෙන බවයි.

එය හැකි ඉක්මණින් ක්‍රියාවට නංවන බවයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සඳහන් කලේ.