ලෝක කුසලානයට සෘජුවම එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 41.3කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 157ක් පමණි.

පැතුම් නිස්සංක 57යි.

මැට් හෙන්රි ලකුණු 14කට කඩුලු 3ක් දවාගත් අතර හෙන්රි සිප්ලි ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය කඩුලු 4ක් පමණක් දැවී ලබාගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව නවසීලන්තය පන්දුවාර 32යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

එහිදී අගනා පිතිහරඹයක නියැලුණු Will Young නොදැවී ලකුණු 86ක් රැස්කළේය.

Henry Nicholls නොදැවී ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත්විය.

ඒ අනුව 2ට 0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ ජය හිමිකරගත් අතර මෙම තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවේය.

ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ පළමු කණ්ඩායම් 10 අතරට සෘජුවම එක්වීමේ අවස්ථාව අහිමිවිය.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »