ACT නව නිවාස කුළී නීති අද සිට

කුළී නිවැසියන්ට වැඩි සහනයක් සළසමින් ACT ප්‍රාන්තය විසින් හඳුන්වාදෙනු ලැබූ නව නිවාස කුළී නීති අද සිට බලාත්මක වනවා.

සාධාරණ පිළිගත හැකි හේතුවක් නොමැතිව ගිවිසුම් අහෝසි කිරීමට නිවාස හිමියන්ට ඇති අවස්ථාවද ඒ යටතේ අහෝසි වනු ඇති.

කිසියම් ආකාරයකින් කුළී නිවැසියන් ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් සහිතව නිශ්චිත කාලයකට පෙර දැනුම්දීම අනිවාර්ය වනවා.

එමෙන්ම දැන්වීම්වල පළකරන ලද කුළී මුදල් ගාස්තුවලට වඩා ඉල්ලා සිටීමද ACT ප්‍රාන්තය තුළ අද සිට තහනම් වනවා.

නිවාස තුළ වාතාශ්‍රය පැවතීම – එළිමහනේ වගා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණයට අදාළවන ආකාරයේ නව සංශෝධන මාලාවක්ද ඊට අන්තර්ගතයි.

ACT ප්‍රාන්තය තුළ Rental bidding ක්‍රමයද අද සිට තහනම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් විසින් කුළී නිවාස සම්බන්ධයෙන් මෙවැනි සංශෝධන මාලාවක් සිදුකරනු ලබන පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »