
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් සංචිත බැංකුව සඳහා හඳුන්වාදෙන ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාව ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් වෙත අද ලැබීමට නියමිතව තිබෙනවා.
දශක ගණනාවකට පසු සංචිත බැංකුව සඳහා ගෙන එන ප්‍රධානතම සංශෝධන මාලාව මෙය වනු ඇති.
පොළී අනුපාතික තීරණයේදී මෙතෙක් අවසන් තීන්දු තීරණ ගැනීමේ බලය පැවරී ඇත්තේ සංචිත බැංකුවේ විධායක මණ්ඩලයටයි.

එය ඔවුන්ගෙන් ඉවත් කර ආර්ථික විද්වතුන් කණ්ඩායමකට පැවරිය යුතුය යන්න ප්‍රධාන නිර්දේශ අතර වනවා.
ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානියා විසින් පවත්වන මාධ්‍ය හමු සංඛ්‍යාව අඩුකල යුතු බවටත් මෙම වාර්තාව යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.

මාස 06 කට ආසන්න කාලයක් ප්‍රවීණයන් රැසක් විසින් සිදුකල සාකච්ඡා අනුවයි මෙම නිර්දේශ මාලාව සකස් කර ඇත්තේ.