
පසුගිය අගෝස්තු මාසයේදී කැන්බරා ගුවන් තොටුපළේදී වෙඩි තැබීමක් සිදුකල සැකකරුට වසර 03 ක සිර දඩුවමක් පණවා තිබෙනවා.
වෙඩි තැබීම සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නගා තිබූ චෝදනාවලට ඔහු වරද පිළිගෙන ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපළක් තුළ වෙඩි තැබීමක් සිදුවූ පළමු අවස්ථාව ද මෙයයි.

2007 වසරේදී සිය හිටපු බිරිඳ ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන්ද 63 හැවිරිදි මෙම තැනැත්තාට එරෙහිව දඩුවම් නියම කර තිබුණා.
අනතුරුව 2009 දී නිදහස්වීමත් සමග මොහු සිඩ්නි නුවර පදිංචියට ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.

අද නියම කල දඩුවමත් සමග මෙම තැනැත්තාට ලබන වසරේ ඔක්තෝබර් දක්වා කිසිදු අභියාචනයක් ගොණු කිරීමට අවස්ථාවක් උදාවන්නේ නැහැ.