
අමෙරිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කර තිබෙනවා.
ලිංගික දර්ශනවල පෙනී සිටි නිළියක වන ස්ටෝමි ඩැනියල්ස් නම් මුදල් දීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව මෙලෙස නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ.
අමෙරිකානු ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කරනු ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

නිල නොවන වාර්තා පළවන්නේ ඉදිරි දින කිහිපය තුළදී ඔහු අත්අඩංගුවට ගනු ඇති බවයි.
අදාළ නිළිය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර රහසිගත සබඳතාවයක් තිබී ඇති අතර එය රහසක් ලෙස තබාගැනීම සඳහායි මෙලෙස මුදල් ලබාදී ඇත්තේ.

එය ව්‍යාපාරිකමය වශයෙන් වරදක් ලෙස සළකමිනුයි අමෙරිකානු බළධාරීන් විසින් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කර ඇත්තේ.