
ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
පසුගිය මාසයේදී එය 439,000 ක් ලෙස පැවතී ඇති අතර 2022 වසරේ නොවැම්බර් හා සැසඳීමේදී සියයට 01 කින්ද මැයි මාසය හා සැසඳීමේදී සියයට 09 කින්ද අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.
අඛණ්ඩව කාර්තු 03 කදී රැකියා පුරප්පාඩු සංඛ්‍යාව පහළගොස් ඇතත් මීට වසර 03 කට පෙර කොවිඩ් වසංගත තත්වය ආරම්භයේදී පැවති තත්වය හා සැසඳීමේදී එය තවමත් පවතින්නේ දෙගුණයක් වැනි ඉහළ අගයකයි.

රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම රැකියා පුරප්පාඩු අඩුවී ඇති අතර ප්‍රතිශතයක් ලෙස වැඩිම පහළයාම සටහන්වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේයි.
ප්‍රධාන ක්ෂේත්‍ර 18 කින් 11 කම රැකියා පුරප්පාඩු අඩුවී තිබීම විශේෂත්වයක්.
