
වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු නීති වල කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් අද සිට බලාත්මක වනවා.
ඒ අනුව L සහ P පුවරු රියදුරන්ට දුරකථනයේ වාදනය වන ගීතය වෙනස් කිරීමට අවශ්‍ය නම් වාහනය නතර කර එය සිදුකිරීම අනිවාර්ය වනු ඇති.
ඔවුන්ට කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමටද අවසර හිමිවන්නේ නැහැ.

පූර්ණ රියදුරු බලපත් සහිත රියදුරන්ටද රඳවා නොමැති (unmounted) ජංගම දුරකථන භාවිත කිරීම පමණක් නොව රථයේ ගමන් ගන්නා වෙනත් අයෙකු සතු දුරකථනයක් දෙස බැලීම පවා අද සිට තහණම් වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ රිය ධාවන නීති බලාත්මක කිරීම සඳහා ස්ථාපිත කරන ලද නව කැමරා අද සිට සක්‍රීය වනවා.

රිය ධාවනයේදී දුරකථන භාවිතය සහ ආසන පටි නොපැළඳීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.
වැරදි සිදුකරන රියදුරන් කෘත්‍රීම බුද්ධිය මගින් හඳුනාගනු ලබන අතර ඔවුන්ට මුල් මාස 03 තුළදී අනතුරු ඇගවීමක් පමණක් සිදුකෙරෙනු ඇති.
අද සිට බලාත්මක සියලු නව නීති කඩ කරන්නන් සඳහා අප්‍රසාද ළකුණු 04 ක් සහ ඩොලර් 555 ක දඩයක් නිකුත් කිරීමට නියමිතයි.
මෙමගින් වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරු සංඛ්‍යාව සියයට 95 කින් පමණ අඩු කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.