කොවිඩ් සහන දීමනාව හෙට සිට aged care සේවකයන්ට පමණයි

කොවිඩ් වෛරසය වැළඳීම හමුවේ රැකියා කිරීමට නොහැකිවන ඉදිරිපෙළ සේවකයන් දහස් සංඛ්‍යාත පිරිසකට හෙට (01) සිට ෆෙඩරල් රජයේ කොවිඩ් සහන දීමනාව නොලැබෙන බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසනවා.

සෞඛ්‍ය සහ ආබාධ රෝගීන්ගේ කටයුතුවල නිරත සේවකයන්ටද මෙය බලපැවැත්වෙන අතර aged care සේවකයන්ට පමණක් එම දීමනාව මින් ඉදිරියේදී ලැබෙනු ඇති.

කොවිඩ් වැළඳීම හමුවේ රැකියා වෙත වාර්තා කිරීමට නොහැකි වන ඉදිරිපෙළ සේවකයන්ට මේ දක්වා මෙම ඩොලර් 750 ක සතිපතා දීමනාව ගෙවනු ලැබුවා.

හෙට සිට එම ක්‍රමය නතර කෙරෙන අතර ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන නව ක්‍රමයට ඇතුළත් වන්නේ aged care සේවකයන් පමණයි.

මේ අතර කොවිඩ් වසංගතය අවසන් යැයි සිතා කටයුතු නොකරන ලෙස ෆෙඩරල් සෞඛ්‍ය ඇමති මාර්ක් බට්ලර් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වසර තුළදී තවත් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවටයි ඔහු අනතුරු අගවා සිටින්නේ.

එබැවින් ශීත සෘතුව එළැඹීමට පෙර නියමිත කොවිඩ් මාත්‍රා ලබාගන්නා ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »