
03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගීවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් තහවුරු කර තිබෙනවා.
මැයි 06 වනදා ලන්ඩන් නුවර පැවැත්වෙන උත්සවයට ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි ද සහභාගී වනු ඇති.
බකිංහැම් මාළිගය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ද ඇතුලු ඉහළ පෙලේ පුරවැසියන් කණ්ඩායමක්ද මෙම උත්සවයට සහභාගීවීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය – ඔස්ට්‍රේලියා අගමැතිවරුන් අතර නිල සාකච්ඡාවක්ද මෙහිදී සංවිධාන කර ඇති බව සඳහන්.
02 වන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද අගමැති ඇන්තනී ඇල්බනීස් සහභාගී වූණා.
