රු 2,500 ක ගිටාරයක් නැතිව සිටි ලාංකිකයාගෙන් ඔස්ට්‍රේලියාවේදී $ 40,000 ක ගීතයක්

ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ව්‍යාපාරික ලෝකය ජයගෙන සිටින ලාංකිකයෙකු නිර්මාණය කල ගීතයක් Ausලංකා මාධ්‍ය ජාලය හරහා පළමුවරට ගුවනට මුදා හැරෙනවා.

නමින් අනූ තෝරදෙණිය වන ඔහු AusLanka TV සමග මෙලෙස සංවාදයකට එක්වුණා.

අපිට කියන්නකෝ මොකද්ද මේ ගීතයේ විශේෂත්වය

මේක මම නම් කරලා තියෙන්නේ “නිතඹේ” කියලා. ඇත්තටම කියනවා නම් මම මේ සිංදුව කලේ YouTube වලින් සල්ලි හොයන්න නම් නෙවෙයි.

මේ වීඩියෝ එක කරන්න මට ඩොලර් 40,000 ක් විතර වියදම් වුණා. මේකේ තියෙන ඔක්කොම කාර් මගේ.

වසර 30 ක වගේ ඉඳන් මගේ තිබුණු හීනයක් සැබෑවීමක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. සිංදුවක් කරන්න තිබුණු ආසාවට තමයි විනෝදාංශයක් විධිහට මේක එළිදැක්වුණේ.

අතීතයේ එක්තරා සිදුවීමක් නිසා මේ ගීතය බිහිවුණා කිව්වොත් හරි නේද ? අපිට ඒ සිද්ධියත් පොඩ්ඩක් මතක් කලොත්.

ඔබ කිව්වා හරි. මීට අවුරුදු 30 කට වගේ කලින් මම යනවා නුවර තිබුණු එක සංගීත ප්‍රසංගයක් බලන්න. එතකොට ලංකාවේ ඉහළින්ම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි ඇවිල්ලා හිටියේ. ඔවුන් සමග සම්බන්ධ වෙන්න ඇහුවාම දුන්නු උත්තරෙන් මගේ ගායකයෙක් වෙන්න තිබුණු හීනය බිමටම වැටුණා කිව්වොත් හරි.

ඒගොල්ලො කිව්වේ මට අඩුම ගානේ ගිටාර් එකක්වත් නැහැනේ කියලා. ඒ කාලේ මිළ ගණන් එක්ක බැලුවාම ගිටාර් එකක ගාණ රුපියල් 2,500 ක් විතර ඇති. එදා 2,500 ක් නැතිව බොඳවුණු මගේ හීනය අද මම සැබෑ කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මම අද ඉන්න තැන ගැනත් මම සතුටු වෙනවා.

ඉදිරි කටයුතු ගැන කිව්වොත් ?

මම කලිනුත් කිව්වා වගේ මේක මගේ විනෝදාංශය. දැනටමත් ගීත 03 ක් කරලා අවසන්. ඉදිරියටත් තවත් ලස්සන වැඩ ගොඩක් කරන්න මම ලෑස්තියි.

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »