ANZ බැංකුව කවුන්ටර් සේවා නතර කිරීම අරඹයි

බැංකු ශාඛාවල ස්ථාපිත කවුන්ටර් හරහා මුදල් තැන්පත් කිරීම් හා ආපසු ගැනීම් සේවා නතර කිරීම ANZ බැංකුව විසින් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආරම්භ කර තිබෙනවා.

දෛනිකව බැංකු ශාඛා වෙත පැමිණෙන ගණුදෙනුකරුවන්ගෙන් අති බහුතරයක් එලෙස පැමිණෙනුයේ මුදල් ගණුදෙනු සඳහා නොව ණය හෝ ආයෝජන වැනි මූල්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට බැවිනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

ගතවූ වසර 04 තුළදි මුදල් ගණුදෙනු සඳහා ANZ බැංකු ශාඛා වෙත පැමිණෙන ගණුදෙනුකරුවන්ගේ කැපී පෙනෙන පහළයාමක් නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.

එමෙන්ම මේ වනවිට දෛනික බැංකු කටයුතු සඳහා ශාඛා වෙත පැමිණෙන්නේ සියයට 08 ක් වැනි ඉතා සුලු පිරිසක් පමණක් බවද ANZ බැංකුව සඳහන් කරනවා.

බොහෝ පිරිසක් ඔන්ලයින් ක්‍රමයට ගණුදෙනු සඳහා පෙළඹි ඇති බැවින් කවුන්ටර් සේවා නතර කිරීම අධියර වශයෙන් ආරම්භ කිරීමටයි ANZ බැංකුව විධිවිධාන යොදා ඇත්තේ.

කෙසේවෙතත් Smart ATM යන්ත්‍ර හරහා මුදල් හෝ චෙක් තැන්පතු මෙන්ම මුදල් ආපසු ගැනීම් සේවා සඳහා තවදුරටත් අවස්ථාව පවතින බව ANZ බැංකුව ප්‍රකාශ කලා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »