Dilmah තේ ඔස්ට්‍රේලියාව හැර යන ළකුණු

ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් තුළ ජනප්‍රියම තේ සන්නාමයක් වන ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන ඩිල්මා තේ, Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාල සමග ව්‍යාපාර කටයුතු සිදුකිරීමෙන් ඉවත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

එහි විධායක නිළධාරී ඩිල්හාන් ප්‍රනාන්දු සඳහන් කලේ අදාළ සුපිරි වෙළඳසැල් ජාල විසින් ඉහළ වට්ටම් ඉල්ලා සිටීම සහ සිය නිෂ්පාදන සඳහා වන නියමිත මුදල් ගෙවීම පැහැර හරිමින් සිටීම ඊට හේතුව බවයි.

මේ සම්බන්ධයෙන් කිසියම් එකගතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් වෙත සිය නිෂ්පාදන සැපයීම නතර කරන බවටද ඩිල්මා සමාගම අනතුරු අගවා සිටිනවා.

ලොව 10 වන විශාලම තේ සන්නාමය වන ඩිල්මා සමාගම දීර්ඝ කාලයක සිට ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාපාර කටයුතු සිදුකරමින් සිටින නමුත් 2009 වසරේ සිට මේ දක්වා ලාභ ලබා නොමැති බවයි පැවසෙන්නේ.

එමෙන්ම පසුගිය වසර 05 සැළකීමේදී ඔවුන්ගේ විකිණුම් ද ඩොලර් මිලියන 37 සිට ඩොලර් මිලියන 29 දක්වා පහත වැටී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සුපිරි වෙළඳසැල් ක්‍රියාත්මක කරන අසාධාරණ වෙළඳ ප්‍රතිපත්ති මීට හේතුව බවටයි ඩිල්මා සමාගමේ විධායක නිළධාරී ඩිල්හාන් ප්‍රනාන්දු චෝදනා කරන්නේ.

දැනට ලොව පුරා රටවල් 104 ක ඩිල්මා තේ නිෂ්පාදන අලෙවි කෙරෙන අතර ඔස්ට්‍රේලියාව තුළදී ඔවුන් සිය නිෂ්පාදන අලෙවිය ආර්මභ කරනු ලැබුවේ 1988 වසරේදී Coles සමග ඇතිකරගත් එකගතාවයක් අනුවයි.

SOURCE : https://www.dailymail.co.uk/news/article-11903827/Dilmah-Tea-threatens-pull-products-Australian-supermarkets-Coles-Woolworths.html

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »