MyGov ඇප්ලිකේෂනයට Medicare කාඩ්පතත්

ඔස්ට්‍රේලියානුවන්ට Medicare කාඩ්පතෙහි සේවා ලබාගැනීම MyGov ඇප්ලිකේෂනය හරහා තවත් පහසු කර තිබෙනවා.

ඒ අනුව MyGov ඇප්ලිකේෂනය භාවිත කරන ලක්ෂ 10 කට වැඩි පිරිසකට ආරක්ෂිතව සහ පහසුවෙන් Medicare සේවා ලබාගත හැකි බවයි රජයේ සේවා අමාත්‍ය බිල් ෂෝට්න් සඳහන් කලේ.

QR කේතයකින් සහ හොලෝග්‍රෑම් ස්ටිකරයකින් සමන්විත වීම හමුවේ Medicare කාඩ්පත කිසිදු අයථා භාවිතයකට යොදා ගත නොහැකි බවයි ඔහු කියාසිටියේ.

මේ අනුව Centrelink කාඩ්පත් – ජාත්‍යන්තර එන්නත්කරණ සහතිකය වැනි සේවා ලබාගන්නා අන්දමින්ම MyGov ඇප්ලිකේෂනය හරහා Medicare සේවාද පහසුවෙන් ලබාගත හැකියි.

ඉදිරියේදී MyGov ඇප්ලිකේෂනයටද Medicare කාඩ්පත ඇතුළත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඖෂධ වර්ග කිහිපයක් ගැන ෆෙඩරල් රජයෙන් සීමාවක්

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන Ozempic වැනි දියවැඩියා ඖෂධවලට සමාන ඖෂධ නිෂ්පාදනය කිරීම ඖෂධවේදීන්ට තහනම් කරන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »