AI අවභාවිතයෙන් ඔස්ට්‍රේලියානුවන් ගලවා ගැනීමට නීති නැතැයි චෝදනා

AI හෙවත් කෘත්‍රීම බුද්ධිය අවභාවිත සිදුවීම්වලින් ඔස්ට්‍රේලියානුවන් ගලවා ගැනීම සඳහා ප්‍රමාණවත් නීති නොමැති බවට අති බහුතරයක් අදහස් දක්වා තිබෙනවා.

මෑතකදී සිදුකල සමීක්ෂණයකදී ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/3 ක් පමණ එම මතය දරන බවයි අනාවරණ වී ඇත්තේ.

කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් නියාමනයට සහ අධීක්ෂණයට නිසි අධිකාරියක් පැවතිය යුතු බවටයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

මේ අතර දිනෙන් දින වර්ධනය වන කෘත්‍රීම බුද්ධිය අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා මිලියන 300 ක් අහිමි කරනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

ලෝක ආර්ථික සංසදයේ වාර්තාවකට අනුව 2025 වසර වන විට ගෝලීයව මෝටර් රථ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා මිලියන 85 ක් කෘත්‍රීම බුද්ධිය විසින් අහිමි කරනු ඇති බව සඳහන්.

අනාගතයේදී සෞඛ්‍ය, සංගීත, වෛද්‍ය ක්ෂේත්‍රයන්ටද කෘතීම බුද්ධිය අවතීරණ වනු ඇති බවත් ඉන් විශාල ප්‍රමාණයකට රැකි රක්ෂා අහිමි කරනු ඇති බවත් එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා.

කෘත්‍රීම බුද්ධිය හේතුවෙන් මිලියන 300 ක් පමණ රැකි රක්ෂා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් පැවතියද කෘත්‍රීම බුද්ධියට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටද හැකියාව පවතින බව එම වාර්තාව පෙන්වා දෙනවා.

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »