ඔස්ට්‍රේලියානු වයින් කර්මාන්තයේ අනාගතයට දැඩි බලපෑමක්

ප්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු වයින් කර්මාන්තයේ අනාගතයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

චීන වෙළඳපොළ අහිමිවීම සහ කාළගුණ විපර්යාස හමුවේ මිදි අස්වැන්න සැළකිය යුතු අන්දමින් අඩුවීම ඊට ප්‍රධාන හේතූන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

2022-23 මූල්‍ය වර්ෂයට අදාළව වයින් සඳහා නිෂ්පාදනය කරන ලද මිදි අස්වැන්නෙහි වටිනාකම ඩොලර් මිලියන 749 ක් දක්වා අඩු වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

එය පසුගිය මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී සියයට 32 ක පමණ ආදායම් පහළයාමක් වනවා.

කෙසේවෙතත් 2023-24 වසරේදී මෙම වටිනාකම ඩොලර් මිලියන 834 ක් දක්වා වැඩිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

2020 වසරේ සිට ඔස්ට්‍රේලියානු වයින් සඳහා චීනය විසින් පණවන ලද සියයට 218 ක උපරිමයක් වන බදු හමුවේද මෙරට වයින් කර්මාන්තය අඩාලවී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල සඳහන් වන්නේ.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »