බටහිර ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් කෝපි කෝප්පවලට තහනමක්

තනි භාවිත ප්ලාස්ටික් තහනම පුලුල් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ මාර්තු මාසයේ සිට කෝපි කෝප්ප ඇතුලු නිෂ්පාදන වර්ග කිහිපයක් තහනම් කිරීමට නියමිතයි.

මේ හරහා වසරකදී පරිසරයට එකතුවන ප්ලාස්ටික් කෝපි කෝප්ප මිලියන 182 ක් පමණ පරිසරයට එකතුවීම වළකිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මීට අමතරව තනි භාවිත ප්ලාස්ටික් බෑග් – ඇතුලු තවත් නිෂ්පාදන කිහිපයක්ද ලබන වසරේ මාර්තු 01 දා සිට තහනම් වනු ඇති.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොට්න් බඩ් තහනම් කිරීමද මෙම වසරේ සැප්තැම්බර් 01 දා සිට බලාත්මකයි.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »