වර්ගවාදී සංකේතවලට එරෙහි දැඩිම නීති ක්වීන්ස්ලන්ඩ් වෙතින්

වර්ගවාදී අදහස් සහ සංකේත ප්‍රචාරය සහ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් දැඩි නීති පැණවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නාසි ධජ – සංකේත භාවිතය තහනම් කෙරෙන යෝජනාවක් අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ වර්ගවාදයට එරෙහිව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් විසින් සම්මත කරනු ලබන දැඩිම නීති මාලාව මෙය වනු ඇති බවයි.

සමාජ මාධ්‍ය හරහා අදාළ සංකේත ප්‍රවර්ධනයද මේ යටතේ තහනම් වනු ඇති.

ස්වස්තිකය ඇතුලු නාසි සංකේත භාවිතය අත්හිටුවමින් වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක්ද දැනටමත් නීති සම්මත කරගෙන තිබෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »