ඔස්ට්‍රේලියා ශිෂ්‍ය ණය හිමියන් මිලියන 03 කට අසුභ ආරංචියක්

ඔස්ට්‍රේලියාව තුළ ශිෂ්‍ය ණය ලබාගෙන ඇති මිලියන 03 කට ආසන්න පිරිසකට ලබන ජුනි මාසයේදී දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

උද්ධමනයට සාපේක්ෂව ශිෂ්‍ය ණය පොළී අනුපාතිකයන් ලබන ජූනි මාසයේදී ඉහළ දැමීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

ශිෂ්‍ය ණය සඳහා ක්‍රෙඩිට් කාඩ් හෝ නිවාස ණය සඳහා වැනි ඉහළ පොළියක් බලාත්මක නොවුවද කුමන හෝ අගයකින් පොළිය ඉහළයාම ශිෂ්‍ය ණය හිමියන්ට දැඩි ගැටලුවක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙවර ජූනි මාසයේදී ශිෂ්‍ය ණය සියයට 07 කින් පමණ ඉහළ යනු ඇති බවත්, ඒ අනුව දැනට ඩොලර් 25,000 ක පමණ ණය මුදලක් ගෙන ඇති අයෙකුගේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් 1,500 කින් පමණ වැඩිවනු ඇති බවටත් තක්සේරු කර තිබෙනවා.

මෙහි වැඩිම බලපෑම එල්ලවනු ඇත්තේ කිසිදු රැකියාවක නිරත නොවන සිසුන්ට බව ද සඳහන්.

පසුගිය වසරේ ජූනි මාසය වනවිට මෙලෙස ලබාගෙන තිබූ ශිෂ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 47 ඉක්මවා තිබුණා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »