ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අඛණ්ඩව දෙවන මාසයටත් පහළගොස් තිබෙනවා.
ජනවාරි මාසයේදී සියයට 7.4 ක් ලෙස පැවති එය පෙබරවාරි මාසයේදී සියයට 6.8 ක් දක්වා පහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය පැවතියේ සියයට 8.4 ක් ලෙසයි.
නිවාස – නිවාස කුළී – ආහාර – මත්පැන් – ප්‍රවාහන යන සෑම අංශයකම මිළ ගණන් ඉහළ ගියද එම ඉහළයාමෙ වේගය අඩුවී ඇති බවයි එහි දැක්වෙන්නේ.
ජනවාරි මාසයට සාපේක්ෂව උද්ධමනය පහළයාම හමුවේ මීළග පොළී අනුපාතික වෙනස සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයන් සුභවාදී බලාපොරොත්තු පළකරනවා.
ඒ අනුව අප්‍රේල් මාසයට අදාළව cash rate අගයෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
අඛණ්ඩව අවස්ථා 10 කදී ඉහළ දමන ලද ඔස්ටේ්‍රලියාවේ cash rate අගය මේ වනවිට පවතින්නේ සියයට 3.6 ක් ලෙසයි.
අප්‍රේල් මාසයේදී එහි වෙනසක් සිදු නොවුණද මැයි මාසයේදී ෆෙඩරල් සංචිත බැංකුව විසින් එය නැවතත් ඉහළ දමනු ඇති බවටද වාර්තා පළවනවා.