මෙවර පාස්කු සමයේ ගුවන් මගීන් වාර්තාවක් තබන ළකුණු

වසර 03 කට පසු වැඩිම පිරිසක් ගුවන් ගමන්වල නිරත වන පාස්කු සමය බවට මෙවර පත්වනු ඇති බවට සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් අනාවැකි පළකරනවා.

අප්‍රේල් 03 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් මගීන් ලක්ෂ 15 ක් පමණද – විදෙස් ගුවන් මගීන් 850,000 ක් පමණ ගුවන් ගමන්වල නිරත වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මෙය කොවිඩ් සමය එළැඹීමට පෙර 2019 වසරේ පැවති තත්වයෙන් සියයට 90 ක් නැවත යථා තත්වයට පත්වීමක් වනු ඇති.

තදබදයන් සහ ගුවන් ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිතාක් වේලාසනින් ගුවන් තොටුපළ වෙත පැමිණෙන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

ගුවන් ගාස්තු ඉහළ අගයක පැවතියද ඔස්ට්‍රේලියානුවන් පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා සංචාරවල නිරතවීම ඉහළ අගයක් ගනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »