ඔස්ට්‍රේලියාවේ පුද්ගල ඝාතන 55% කින් පහළට

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දෙවන අඩුම පුද්ගල ඝාතන සටහන් වූ වසර ලෙස 2020-21 වසර වාර්තා වී තිබෙනවා.

වසර 30 කට පෙර තත්වය හා සැළකීමේදී මේ වනවිට පුද්ගල ඝාතන සංඛ්‍යාව සියයට 55 කින් පමණ අඩු වී ඇති බවයි ඔස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනය නිකුත් කර ඇති දත්ත වාර්තාවක දැක්වෙන්නේ.

2020 ජූලි සිට 2021 ජූනි දක්වා මෙරට වාර්තා වී ඇති පුද්ගල ඝාතන සංඛ්‍යාව 210 ක් වන අතර එය පෙර වසරට වඩා සියයට 51 ක පහළයාමක්.

කොවිඩ් ලොක්ඩවුන් තත්වය හමුවේ පැවති සංචරණ සීමා හමුවේ පුද්ගල ක්‍රියාකාරකම් සීමාවී පැවතීමයි මීට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ.

අදාළ ඝාතන 210 සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබු සැකකරුවන් ගණන 263 ක්.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »