Northern Territory ඇප කොන්දේසි සඳහා වෙනස්කම් කිහිපයක්

Northern Territory ප්‍රාන්තයේ ව්‍යාප්ත වන තියුණු ආයුධ සම්බන්ධ ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට ඇප කොන්දේසි සඳහා වෙනස්කම් කිහිපයක් හඳුන්වාදීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

මත්පැන් අලෙවි සැලක සේවකයෙකු පිහි ඇණුමකින් මියගොස් සතියක් යාමට පෙර මෙම නව කොන්දේසි හඳුන්වාදීමද විශේෂත්වයක්.

මේ අනුව ගිණි අවි පමණක් නොව තියුණු ආයුධ සම්බන්ධ පෙර වරදක් එල්ලවී ඇති අයෙකුට ඇප ලබාදීමේදී දැඩි කොන්දේසි අනුගමනය කෙරෙනු ඇති.

සති කිහිපයකට පෙර ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයේ මත්පැන් සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළයාමත් සමගද මෙවැනිම දැඩි කොන්දේසි කිහිපයක් පණවනු ලැබුවා.

මෙම සියලු සංශෝධන අද Northern Territory ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »