දකුණු ඔස්ට්‍රේලියා සංචාරක වවුචර් සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ලියාපදිංචි වෙයි

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංචාරක වවුචර් පත් වැඩසටහන සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

අද පෙරවරු 09 ට ආරම්භ වූ එම ලියාපදිංචිය සඳහා විනාඩි 05 ක් තුළ 5,000 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී ඇති බව සඳහන්.

සංචාරක ක්‍රියාකරුවන් 100 ක් පමණ සම්බන්ධ වන ක්‍රියාකාරකම් 200 කදී පමණ ඩොලර් 50 – 100 සහ 200 යන වටිනාකම්වලින් යුත් වවුචර භාවිත කල හැකියි.

මේ සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 4.6 ක්.

කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයන් තෝරා ගැනෙන අතර ලබන බදාදා රාත්‍රී 10 තෙක් ලියාපදිංචි විය හැකියි.

බ්‍රහස්පතින්දා දිනයේදී ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »