Search

ගමනාන්ත රැසක වර්ජින් ගුවන් ගාස්තු පහළට

වර්ජින් ගුවන් සමාගම විසින් අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමනාන්ත රැසක ගාස්තු පහළ දමා තිබෙනවා.

ඇතැම් අභ්‍යන්තර ගමනාන්ත සඳහා වන ගාස්තු ඩොලර් 55 ක් වැනි අගයකට අඩු කර තිබීම විශේෂත්වයක්.

සිඩ්නි – මෙල්බන් – ගෝල්ඩ් කෝස්ට් – බ්‍රිස්බන් – කැන්බරා වැනි ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙම වට්ටම් ලබා දී ඇති බවයි වර්ජින් ගුවන් සේවය නිවේදනය කලේ.

පිරිමැසුම් පංතියේ ගුවන් ප්‍රවේශපත්‍ර 350,000 ක පමණ මෙලෙස ගාස්තු අඩු කර ඇති අතර මෙම දීමනා කාලය ඉදිරි සතියක කාලය සඳහා බලාත්මකයි.

කෙසේවෙතත් අප්‍රේල් 03 වනදා මධ්‍යම රාත්‍රියට පෙර සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් විය හැකි බවත් වර්ජින් ගුවන් සේවය අවධාරණය කර සිටිනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »