Dating app සමාගම් කිහිපයකට ෆෙඩරල් රජයෙන් නියෝගයක්

අවශ්‍ය කරන දත්ත ලබාදෙන්නැයි ෆෙඩරල් රජය විසින් ජනප්‍රිය dating app සමාගම් කිහිපයකට දැනුම් දී තිබෙනවා.

ලිංගික සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැවති ජාතික වටමේස සාකච්ඡාවකදී ගත් තීරණයක් අනුවයි මෙම දැනුම්දී සිදුකර ඇත්තේ.

ඔස්ට්‍රේලියාව පුරා පුද්ගලයන් ලක්ෂ 30 ක් පමණ කුමන හෝ dating app එකක් භාවිත කරන බවත් 3/4 ක් පමණ විවිධ හිංසනවලට ලක්ව ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

සහකරුවෙකු හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රියම ක්‍රමවේදය dating app බවත් මෙහිදී තහවුරු වී තිබෙනවා.

තමන් කිසියම් හිංසනයකට ලක්වූ බවට පරිශීලකයෙකු විසින් පැමිණිලි කිරීමෙන් පසු එක් එක් ඇප්ලිකේෂනය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේදැයි විමසා බැලීමටයි ෆෙඩරල් රජය විසින් මෙම තොරතුරු ඉල්ලා ඇත්තේ.

dating app සම්බන්ධ ලිංගික හිංසන අතුරින් වැඩිම පිරිසක් පැමිණිලි කර ඇත්තේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම් සම්බන්ධයෙන් බවද අනාවරණය වනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »