ඔබාමා ඔස්ට්‍රේලියාවට

අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ බිරිඳ වන මිෂෙල් ඔබාමා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

පුද්ගලික ගුවන් යානයකින් ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රී සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවී ඇති බව සඳහන්.

ඔබාමා සමග සන්ධ්‍යාවක් ලෙසින් පැවැත්වෙන වැඩසටහන් මාලාවක් සඳහා සහභාගීවීමයි මෙම සංචාරයේ අරමුණ වන්නේ.

හෙට පස්වරුවේ සිඩ්නි හිදී පළමු වැඩසටහන පැවැත්වෙන අතර දෙවැන්න ලබන බදාදා රාත්‍රියේ මෙල්බන් හිදියි සංවිධාන කර ඇත්තේ.

ඔබාමා යුවළ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ දීර්ඝ කලකට පසුව වීමද විශේෂත්වයක්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »