
තම සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරය අපේක්ෂා කල මට්ටමට වඩා බරපතල බව මෙරට ප්‍රධාන මූල්‍ය සමාගමක් වන ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් ආයතනය පවසනවා.
ඔස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ පාරිභෝගිකයන් ලක්ෂ 79 කගේ රියදුරු බලපත්‍ර අංක මෙලෙස පැහැරගෙන ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
කෙසේවෙතත් පසුගිය සතියේදී ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් ආයතනය සඳහන් කලේ 330,000 කගේ පමණ පුද්ගලික දත්ත පැහැරගෙන ඇති බවටයි.

මෙම ඇතැම් පාරිභෝගිකයන් වසර 18 ක් පමණ පැරණි ගණුදෙනුකරුවන් බවටද තහවුරු කරගෙන තිබෙනවා.
විදෙස් ගමන් බලපත් අංක 53,000 ක් පමණද මෙම සයිබර් ප්‍රහාරයේදී පැහැරගෙන ඇති බවයි ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් ආයතනය නිවේදනය කරන්නේ.

මෙලෙස බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් විසින් අලුතින් රියදුරු බලපත්‍ර හෝ විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කල යුතුදැයි මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.