
2022 වසරේ අවසාන කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී වැඩිම ප්‍රතිශත අගයකින් ඉහළගොස් ඇත්තේ පර්ත් නගරයේ බව නවතම සංඛ්‍යාලේඛණ අනාවරණය කරනවා.
ප්‍රතිශතයක් ලෙස එය සියයට 3.2 ක ඉහළයාමක්.
කෙසේවෙතත් සතියක නිවාස කුළිය වැඩිම නගරය ලෙස කැන්බරා වාර්තා තබන්නේ ඩොලර් 681 ක සතියක මධ්‍යයන කුළියක් සමගිනුයි.

සතියක මධ්‍යයන කුළිය අඩුම නගරය බවට මෙල්බන් පත්වන්නේ ඩොලර් 507 ක කුළියක් සමගිනුයි.
සමස්ත ඔස්ට්‍රේලියාවේම අවසාන කාර්තුවේදී නිවාස කුළියේ වැඩිවීම සියයට 2.3 ක් බව සංඛ්‍යාලේඛණ සඳහන් කලා.

පසුගිය වසර සැළකීමේදී රටෙහි නිවාස කුළී ඉහළයාම සටහන් වන්නේ සියයට 11.2 ක් ලෙසයි.