
ඔස්ට්‍රේලියාව තුළ සිදුවන සෑම කොවිඩ් මරණ 100 කදීම සෑම වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් 13 දෙනෙකුට තම දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වන බව නවතම අධ්‍යයනයක් පෙන්නුම් කරනවා.
ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසිනුයි එම සමීක්ෂණය සිදුකර තිබුණේ.
කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මෙරට ළමුන් 1,700 කට අවම වශයෙන් මව හෝ පියා අහිමිවී ඇතැයි ගණන් බලා තිබෙනවා.

පසුගිය සතියේ පැවති කොවිඩ් රෝගීන් 8,905 ට සාපේක්ෂව මෙම සතිය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාව 8,563 දක්වා අඩුවී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් පසුගිය සතියේ 3,960 ක් ලෙස පැවති අතර මේ සතියේදී එය 4,467 දක්වා වර්ධනය වීමකුයි පෙන්නුම් කෙරෙන්නේ.
