Search

ක්වීන්ස්ලන්ඩ් ඩෙංගු – මැලේරියා රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

ඩෙංගු – මැලේරියා ආදී මදුරුවන් මගින් ව්‍යාප්ත වන රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවෙනවා.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 30 දෙනෙකු සහ මැලේරියා ආසාධිතයන් 17 දෙනෙකු වාර්තාවී ඇති බව සඳහන්.

මෙය කොවිඩ් වසංගතය හමුවේ දේශසීමා වසා දමා තිබූ පසුගිය වසර 02 හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළයාමක් බවටයි ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

2018 වසරේදී මැලේරියා ආසාධිතයන් 112 දෙනෙකු වාර්තා වුවද 2021 වසරේදී එය 16 ක් දක්වා අඩුවී තිබුණා.

නැවතත් පසුගිය වසරේදී එය 58 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර මෙම වසරේදී එම අගය අභිබවා යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

2020 වසරේදී 53 ක් ලෙස පැවති ඩෙංගු රෝගීන් ගණන 2021 වසරේදී 01 ක් දක්වා අඩුවී තිබූ අතර පසුගිය වසරේදී 58 ක් දක්වා ඉහළ යාමක් සටහන්වුණා.

වසරකදී ලොව පුරා මැලේරියා රෝගය ආසාධිතයන් මිලියන 200 ක් පමණ වාර්තා වන අතර ඉන් බහුතරය අප්‍රිකා සහ අග්නිදිග ආසියානු රටවලිනුයි වාර්තා වන්නේ.