
දුරකථන කෙටි පණිවිඩ වංචා හරහා පුද්ගලයන්ගෙන් ඩොලර් 34,000 කට වැඩි මුදලක් වංචා කල මෙල්බන්වාසියෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.
27 හැවිරිදි සැකකරු ඊයේ රාත්‍රී 08.20 ට පමණ Sunshine west හිදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
පසුගිය වසරේ ජූලි සිට නොවැම්බර් දක්වා කාලය තුළ අවස්ථා 05 කදී මොහු මෙම මුදල් වංචා සිදුකර ඇති බව සඳහන්.

පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් වූ මාස 12 ක කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් විසින් විවිධ වංචා හමුවේ අහිමිකරගෙන ඇති මුදල ඩොලර් මිලියන 44 කට ආසන්න බව පාරිභෝගික කොමිසම නිකුත් කල සංඛ්‍යාලේඛණවල සඳහන්.
ඉන් බහුතරය කෙටි පණිවිඩ වංචා වන අතර පුද්ගලයන් 27,000 ක් පමණ එලෙස අහිමිකරගෙන ඇති මුදල ඩොලර් 68 ලක්ෂයකට ආසන්න බවටයි වාර්තා වන්නේ.
