Search

NSW ලේබර් පක්ෂ නව රජය ඉටු කිරීමට නියමිත ප්‍රධාන පොරොන්දු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගෙන ඉදිරියේදී පිහිටුවනු ලබන ලේබර් පක්ෂ නව රජය විසින් ඉටු කිරීමට නියමිත ප්‍රධාන පොරොන්දු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නව පොදු පාසල් 100 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති අතර අනියම් පදනමින් සේවය කරන ගුරුවරුන් 10,000 කට ස්ථිර පත්වීම් ලබාදීමට පියවර ගැනෙනු ඇති.

පාසල් අධ්‍යයන කාලසීමාවේදී ජංගම දුරකථන – smartwatch ඇතුලු ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය තහනම් කිරීමද සිදුකිරීමට නියමිතයි.

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට වසර 02 ක කාලයක් සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහා මාර්ගවල අය කෙරෙන ගාස්තු සතියකට ඩොලර් 60 ක උපරිමයකට යටත් කිරිමද ලේබර් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක්.

පෝකර් ක්‍රීඩා කිරීමේදී වියදම් සීමා පැණවීම මෙන්ම දේශපාලන පක්ෂ සඳහා සූදු ක්‍රීඩා සමාජ ශාලාවලින් ආධාර ලබාගැනීම තහණම් කරන බවටද ඔවුන් මැතිවරණ සමයේදී පොරොන්දුවක් ලබාදුන්නා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්වල හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවක හිගය විසඳීමත් නිවාස ගැටලුවට විසඳුම් කිහිපයක් ලබාදීමත් ලේබර් පක්ෂ යෝජනා අතරට අයත්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »