ස්වදේශික නියෝජනය අනුමත කල පළමු ප්‍රාන්තය දකුණු ඔස්ට්‍රේලියාව වෙයි

ස්වදේශික ජනතා නියෝජනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ පණත අනුමත කල පළමු ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පත්වී තිබෙනවා.

ප්‍රාන්ත සභාවේ අද පැවති විශේෂ සැසිවාරයකදීයි එම යෝජනාව අනුමත කරනු ලැබුවේ.

මේ අනුව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සභාවට පත්වන ස්වදේශික ජනතා නියෝජිතයන් කවුරුන්ද යන්න ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

දකුණු ඔස්ට්‍රේලියා විසින් මෙම යෝජනාව සම්මත කරනු ලැබුවේ මීට අදාළව ජනමත විචාරණයකට ෆෙඩරල් රජය සූදානම් වන අවස්ථාවේදීයි.

ඊට අදාළ නිල වාක්‍යය අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම වසර අවසානයට පෙර එම ජනමත විචාරණය පැවැත්වීමයි ෆෙඩරල් රජයේ සැළසුම වන්නේ.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »