වික්ටෝරියාවට ජාත්‍යන්තර සිසුන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ නව වැඩපිළිවෙලක්

වික්ටෝරියා ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ නව වැඩපිළිවෙලකට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මුල පුරා තිබෙනවා.

ඒ අනුව හෙට රාත්‍රියේදී තමන් චීනය බලා පිටත්ව යන බවයි ඔහු නිවේදනය කලේ.

වෙළඳ සහ සංස්කෘතික සබඳතා නංවාගැනීමද මෙහි තවත් අරමුණක් බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කර සිටියා.

චීනයෙන් එල්ලවන ආරක්ෂක බලපෑම්වලට එරෙහිව ඔස්ට්‍රේලියාව – මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව අතර පසුගියදා ගිවිසුමක් අත්සන් කෙරුණා.

එම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු චීනයේ නිල සංචාරයක නිරතවන පළමු ඔස්ට්‍රේලියානු දේශපාලනඥයා වන්නේද ඩැනියල් ඇන්ඩෲස් වීම විශේෂත්වයක්.

චීන සිසුන් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපන ආයතන වෙත වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

ඒ අනුව අමතර චීන සිසුන් 42,000 ක් ඉදිරි වසරවලදී මෙල්බන් හි අධ්‍යාපනය සඳහා පැමිණෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »