නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය පැහැදිලි ජයග්‍රහණයක් අත්කර ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රාන්ත ලේබර් පක්ෂ නායක ක්‍රිස් මින්ස් නිවු සවුත් වේල්ස් ඉතිහාසයේ 47 වන අගමැතිවරයා ලෙස ඉදිරි දිනයකදී දිවුරුම්දීමට නියමිතයි.
ඊයේ රාත්‍රියේ සිඩ්නි හිදි සිය පාක්ෂිකයන් අමතමින් ඔහු අවධාරණය කලේ මැතිවරණ සමයේ ලබාදුන් සියලු පොරොන්දු නිසි ආකාරයෙන් ඉටු කරන බවයි.
මේ අතර හිටපු අගමැති ඩොමිනික් පෙරෝටේ පරාජයේ වගකීම භාරගෙන තිබෙනවා.
තමන් නිවු සවුත් වේල්ස් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු නිවේදනය කලේ.
ලේබර් පක්ෂය නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයක් ජය ගනු ලැබුවේ වසර 11 කට පසුව වීම විශේෂත්වයක්.