ඔස්ට්‍රේලියාවේ නගරයක පදිංචියට එන සියල්ලන්ට $ 20,000 ක්

සිය නගරයට පැමිණ පදිංචිවන ඕනෑම අයෙකුට ඩොලර් 20,000 ක මුදලක් පිරි නැමීමට ක්වීන්ස්ලන්ඩ් හි දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති කුඩා නගරයක් වන ක්විල්පී ශයර් (Quilpie Shire) නගරයේ බළධාරීන් තීරණය කර තිබෙනවා.

බ්‍රිස්බන් නගරයේ සිට කිලෝමීටර් 1,000 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම නගරයේ දැනට වාසය කරනුයේ 650 කට ආසන්න පිරිසක් පමණයි.

එහි පැමිණ පදිංචිවීමට කැමති ඕනෑම අයෙකුට කොන්දේසි කිහිපයකට යටත්ව මෙම මුදල ලබාදෙන බවයි ක්විල්පී ශයර් නගරයේ බළධාරීන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඉඩමක් මිළදී ගැනීමටත් – නිවසක් ඉදි කිරීමට සහ වාසය කිරීමට පමණක් මෙම මුදල අනිවාර්යයෙන් යොදාගත යුතුයි.

ක්විල්පී ශයර් නගරයේ සාමාන්‍ය ඉඩම් කොටසක වටිනාකම ඩොලර් 20,000 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

එහි ජනගහණය වැඩි කිරීම සහ රැකියා සඳහා පැමිණෙන පිරිස් ඉහළ නංවාලීමේ අරමුණ ඇතිවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවනු ලබන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »