
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් සතුව ඉතා ඉහළ උනන්දුවක් පවතින බව වාර්තා වනවා.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන අසළ දිගු පෝළිම් පවා දක්නට ලැබෙන බව සඳහන්.
ලක්ෂ 14 කට ආසන්න පිරිසක් ඊයේ පස්වරුව වනවිට තැපැල් ඡන්ද සහ පූර්ව ඡන්ද ප්‍රකාශ කර තිබුණා.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ සහ ලේබර් පක්ෂ නායක ක්‍රිස් මින්ස් අද පෙරවරුවේ ඡන්දය භාවිත කරනු ලැබුවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයක් ප්‍රාන්ත සභාවේ ආසන 47 ක් දිනාගත යුතු වනවා.

ඡන්ද විමසීම අවසන්වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 06 ටයි.