
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා සිදු කෙරෙනවා.
ඡන්ද දායකයන් අතුරින් සියයට 12 කට වැඩි පිරිසක් ඊයේ දිනය වනවිට පූර්ව ඡන්ද හෝ තැපැල් ඡන්ද ප්‍රකාශ කර තිබූ බවයි නිවු සවුත් වේල්ස් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.
540,208 දෙනෙකු තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කර තිබූ අතර 638,584 දෙනෙකු පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමට අයදුම්පත් යොමුකර තිබුණා.

ප්‍රධාන පක්ෂ 02 අතර කරටකර සටනක් පැවති නමුත් ලේබර් පක්ෂය තරමක් ඉදිරියෙන් පසුවන බවයි පූර්ව මත විමසුම්වලදී අනාවරණය වූයේ.
මැතිවරණයේදී ලිබරල් සන්ධානය ජයගතහොත් ඩොමිනික් පෙරෝටේ නැවත වරක් නිවු සවුත් වේල්ස් අගමැති ධුරයට පත්වනු ඇති.

ලේබර් පක්ෂය ජයගතහොත් ක්‍රිස් මින්ස් නිවු සවුත් වේල්ස් නව අගමැති ලෙස පත්වනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ට ඩොලර් 55 ක දඩයකට යටත්වීමට සිදුවනවා.