Search

මෙරට නිවාස සමස්ත වටිනාකම $ බිලියන 57 කින් පහළට

පසුගිය දෙසැම්බර් කාර්තුවේදී මෙරට නිවාස මිළ ගණන්වල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 57 කින් හෙවත් සියයට 0.4 කින් පහළගොස් තිබෙනවා.

එය වාර්තා වන්නේ අඛණ්ඩව නිවාස මිළ ගණන් අඩුවූ 03 වන කාර්තුව ලෙසටයි.

ඒ අනුව දැනට මෙරට නිවාසවල සමස්ත වටිනාකම ඩොලර් ට්‍රිලියන 14.4 ක් වන අතර එය වසරකට පෙර පැවති අගය හා සැසඳීමේදී සියයට 3.0 ක අඩුවීමක්ද වනවා.

ඉහළයන පොළී අනුපාතික අගයන්ට සමානුපාතිකව නිවාස මිළ ගණන් – නිවාසවලට ඇති ඉල්ලුම සහ මිළදී ගැනීමේ හැකියාව පහළයාම මීට ප්‍රධාන හේතුවයි.

මේ අතර superannuation අරමුදලේ ශේෂයද ඩොලර් බිලියන 247 ක් දක්වා සියයට 6.7 කින් අඩුවී ඇති බවයි අනාවරණය වන්නේ.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »