ජනප්‍රිය පණිවුඩකරණ සේවාවක් වන වට්ස්ඇප් හි ඩෙස්ක්ටොප් යෙදුමට ප්‍රධාන වෙනස්කමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව වට්ස්ඇප් ඇප්ලිකේෂනය පවතින ප්‍රධාන ජංගම දුරකථනය ක්‍රියා විරහිත වුවද ලැබෙන පණිවිඩ ඩෙස්ක්ටොප් යෙදුමට ලැබෙන අයුරිනුයි එම යාවත්කාලින කිරීම සිදුකර ඇත්තේ.
එමෙන්ම පරිශීලකයින්ට වට්ස්ඇප් ගිණුමට දුරකථන හෝ පරිඝනක ලෙස උපාංග හතරක් සම්බන්ධ කිරීමට හැකියාව ද ලබාදී තිබෙනවා.
ප්‍රධාන දුරකථනයේ අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වුවද සෙසු උපාංග 04 හි බාධාවකින් තොරව කටයුතු කිරීමේ හැකියාව එමගින් පවතින බවයි වට්ස්ඇප් අයත් මෙටා සමාගම සඳහන් කර සිටින්නේ.
එමෙන්ම වට්ස්ඇප් වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් සඳහා සභභාගී කර ගත හැකි පුද්ගලයන් සංඛ්‍යාවද ඉහළ දමා තිබෙනවා.