Search

නිවු සවුත් වේල්ස් මැතිවරණ ප්‍රථිඵලයෙන් පසු වෙනස්කම් රැසක්

හෙට පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රථිඵලය ජාතික දේශපාලනයටද අතිශය වැදගත් වන බව විචාරකයන් පෙන්වා දෙනවා.

දැනට ලිබරල් සන්ධානය විසින් බලය රඳවාගෙන සිටින ප්‍රධානතම ප්‍රාන්තය නිවු සවුත් වේල්ස් පමණක් වීම ඊට ප්‍රධාන හේතුවයි.

කිසියම් අයුරකින් ලිබරල් සන්ධානය හෙට මැතිවරණය පරාජයට පත්වුහොත් අඛණ්ඩව ඔවුන් ලැබූ 03 වන මැතිවරණ පරාජයද මෙය වනු ඇති.

පසුගිය වසරේ මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණය සහ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයද ඔවුන් පරාජයට පත්වුණා.

එමෙන්ම වසරකට ආසන්න වන අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ලේබර් පක්ෂ රජය පිළිබඳ කිසියම් තක්සේරුවක් ලබාගැනීමටද හෙට මැතිවරණ ප්‍රථිඵලය ඉවහල් වනු ඇති බවයි විචාරක මතය වන්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »