Search

සයිබර් අපරාධ මාලාවක 04 දෙනෙකු ෆෙඩරල් පොලිසියේ අත්අඩංගුවට

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සහ විදේශිකයන්ගෙන් ඩොලර් මිලියන 1.7 කට ආසන්න වටිනාකමින් යුත් මුදල් වංචාකල සයිබර් අපරාධ මාලාවක සැකකරුවන් 04 දෙනෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2020 වසරේ ජනවාරි මාසයේ සිට මෙම මාසය දක්වා මොවුන් විසින් සයිබර් අපරාධ 15 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බව සඳහන්.

ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කර සකස් කරන ලද බැංකු ගිණුම් 80 ක් මගින් මොවුන් මෙම අපරාධ සිදුකර ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

සැකකරුවන් අතර බ්‍රිස්බන් පදිංචි දෙදෙනෙකු සහ මෙල්බන් හා ඇඩලේඩි පදිංචි එක් අයෙකු බැගින් සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.

මොවුන් සතුව තිබී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර තොගයක්ද සොයාගෙන තිබෙනවා.

චෝදනා ඔප්පුවුවහොත් මොවුන්ට වසර 60 ක උපරිමයකට යටත්වන සිර දඩුවමකට ලක්වීමට සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »